රසායනික පොහොර තහනම් කළේ ජනතාව වස විසෙන් බේරගන්න නෙමෙයි…! – ජවිපෙ…

June 16, 2021 at 2:05 pm | by emanisa.lk

රසායනික පොහොර ආනයනය නතර කර ජනතාවට වස විසෙන් තොර ආහාර ලබා දීමට රජය කටයුතු කරන්නේ නම් තමන් ඒ පිළිබඳ සතුටු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහෙත් ආණ්ඩුව එම තීන්දුව ගත්තේ ජනතාවට වස විසෙන් තොර ආහාර ලබා දීමේ චේතනාවෙන් නොවන බව එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පෙන්වා දෙයි.

රසායනික පොහොර තහනම ආණ්ඩුවේ බැරිකම, රටේ විදේශ සංචිත හිඟකම වසා ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් බව හෙතෙම අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *