නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ රසායනික පොහොර ආනයනය කිරීමට තීන්දු කර ඇතැයි ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබේ.
රට තුළ අවශ්‍ය තරම් කාබනික පොහොර නිපදවන තුරු සීමාවන්ට යටත්ව රසායනික පොහොර ආනයනයට මෙලෙස ඉඩ දී ඇතැයි එමගින් අනාවරණය කරයි.
ඒ අතර රටට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය වේගවත් කිරීමටත් එම ඉලක්කය සපුරා ගත් පසු රසායනික පොහොර ආනයනය නතර කිරීමටත් තීන්දු කර ඇතැයි වැඩි දුරටත් වාර්තා වෙයි.
කෙසේ වුව ද ජනාධිපතිවරයා මෙයට පෙර අවධාරණය කළේ කිසිදු හේතුවක් මත රසායනික පොහොර ආනයනය නතර කිරීමේ තීන්දුව අහෝසි නොකරන බව ය.