වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදීම රට සංවර්ධනය කිරීමේ සහ ජනතාවට ප්‍රතිලාභ ලබා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
එහෙත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජය සමයේ රට ගොඩනැංවීමේ කටයුතු සඳහා 2048 වසර දක්වා බලා සිටින ලෙස පැවසූ බවද ඔහු පෙන්වා දෙයි.
2026 වසරේදී පෝෂණ ආධාර වැඩි කිරීම, මහපොළ ශිෂ්‍යත්වය ඉහළ නැංවීම, වගා ආධාර ලබා දීම, පොල් වගාව වර්ධනය කිරීම මෙන්ම නව රැකියා සහ වැටුප් වැඩි කිරීම වැනි කටයුතු ඉදිරියට ගෙන යන බවද හෙතෙ ප්‍රකාශ කරයි.
රටේ සිදුවන මෙම වෙනස්කම්වලට හොරකම් කළ පුද්ගලයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ නීතිවිරෝධී ක්‍රියාවල නිරත වූ පිරිස් අකමැති බවත්, එවැනි පිරිස් ආණ්ඩුවට එරෙහිව විවිධ විවේචන එල්ල කරන බවත් අමාත්‍යවරයා චෝදනා කළේය.
ආණ්ඩුවට එරෙහිව ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ඉල්ලා සිටින අමාත්‍යවරයා, ඉදිරි දරුවන් වෙනුවෙන් ලස්සන රටක් ගොඩනැංවීමේ අරමුණින් රජය ගෙන යන මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඔහු අවධාරණය කළේ, ළපටි ආණ්ඩුවට තවමත් වසර දෙකක් පමණක් ගතවී ඇති බැවින් වසර පහ අවසන් වන විට රට තුළ මීට වඩා විශාල වැඩකොටසක් සිදුකරන බවයි.