රනිල් දැක්ක ම ලෝකේ හැම රටක් ම බයයි…! ලෝකය එක්ක සටන් කළ හැක්කේ රනිල්ටයි..! – වජිර…

September 14, 2022 at 12:58 pm | by emanisa.lk

ජාත්‍යන්තර බලපෑම් පරාජය කිරීමට නම් සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස එකට සිටගත යුතු බව එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

එජාප සභාපතිවරයා ප්‍රකාශ කළේ, ඒ සඳහා නායකත්වය දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටින බවත් එතුමා දුටු විට ලෝකයේ රටවල් භීතියට පත් වන බවත්ය.

ඊට හේතුව රනිල් වික්‍රමසිංහට රට හසුරුවමින් රට ඔසවා තැබීමට හැකි බව ලෝකය අවබෝධ කරගෙන සිටීමය.

එහෙයින් ජාත්‍යන්තරය දුර්වල පුද්ගලයින් රටේ නායකත්වයට ගෙන ඒමට කටයුතු කරනු ඇතැයි ද ජනතාව ඔවුන්ගෙන් පරිස්සම් විය යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.

සියලු දෙනා එකතු වී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දුනහොත් 2048 වන විට ලංකාව සංවර්ධිත දේශයක් වනු ඇතැයි ද වජිර අබේවර්ධන සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *