රනිල් ජනාධිපතිවරණෙට අලියාගෙන් එන්නේ නෑ…! – ආශු මාරසිංහ…

April 10, 2024 at 10:22 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන ජනාධිපතිවරණයට අලියා ලකුණින් තරඟ නොකරන බව ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ වෙනත් පොදු ලකුණක් යටතේ ජනාධිපතිවරයා ඒ සඳහා ඉදිරිපත් වන බවයි.

ජනාධිපතිවරයා අලියා, පොහොට්ටුව, හංසයා යන ලකුණුවලින් නොව නව ලකුණකින් තරග කරන බවත් එම ලකුණ සන්ධාන ගතවන පක්ෂ සහ සිවිල් සංවිධාන නායකයන්ගේ එකඟතාවෙන් තීරණය කරන බවත් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *