රනිල් ගෙදර යද්දී විදේශ සංචිතය ඩොලර් බිලියන 06යි….!

September 27, 2024 at 1:37 pm | by emanisa.lk

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් බිලියන 6.0ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඊට චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් ද අන්තර්ගත වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ නිල සංචිත (GOR) ඉහළ නැංවීම සඳහා 2024 වසරේ මේ දක්වා දේශීය වෙළෙඳපොළෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගැනීමට පියවර ගෙන තිබූ බව ද සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ 2022 වසරේ රට භාරගත් අවස්ථාවේ මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 20කට සීමා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *