රනිල් කෝකියන් 16ක් තබා කිසිවක් ඉල්ලා නෑ… චෝදනා අසත්‍යයයි…! – සාගල…

October 21, 2024 at 9:13 am | by emanisa.lk

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව රජයෙන් කෝකියන් 16 දෙනෙකු ඇතුළු ආරක්ෂක නිලධාරීන් 163 දෙනෙක්, වාහන 20ක් සහ කුඩ 30ක් ඇතුළු ලැයිස්තුවක් ඉල්ලූ බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය යැයි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.

“හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන්ම සඳහන් වෙලා තියෙනවා යම් ආරක්ෂාවක් ලැබිය යුතුයි කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවසානයට හිටපු ජනාධිපතිතුමා. එතුමා රට බාරගත්තෙ අමාරු වෙලාවක, රටේ කළහකාරී තත්ත්වයක් තිබ්බ වෙලාවක. එතුමාගේ නිවස පවා ගිනි තිබ්බා. ඒ සියල්ල අවසානයේ එතුමා මේ තනතුරෙන් ඉවත් වෙනකොට එතුමාගේ ආරක්ෂාව බාරවෙන්නෙ පොලීසියට.
මේක MSD එක හරහා එන ආරක්ෂාවක්. ඒ නිලධාරියෙක් තමයි, මේ ඉල්ලීම් කරලා තියෙන්නෙ. මම ඒ ඉල්ලීම් දැක්කෙ නෑ. ඒ ඉල්ලීම්වල ඒ නිලධාරීන්ට රාජකාරි කරන්න අවශ්‍ය උපකරණ ටික ඉල්ලුවා කියලා මාව දැනුම්වත් කළා. ඒකයි ඒ ලිපියෙ සඳහන් වෙලා තිබ්බේ. හිටපු ජනාධිපතිතුමා කිසිවක් ඉල්ලලා නැහැ. එතුමාගේ ආරක්ෂක අංශයේ වගකීම අනුව ඔවුන් ඉල්ලලා තියෙනවා යම් උපකරණ ප්‍රමාණයක්.”

සාගල රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹදී පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *