රනිල් කෙතරම් දූෂණ විරෝධියෙක් ද කීවොත් ඇමැතිවරයෙක් හිරේ දැම්මා…!

June 1, 2024 at 9:35 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඉල්ලා අස්කරගත් අල්ලස් හෝ දූෂණ නඩු 89ක් මේ වන විට නැවත පවරා ඇතැයි ජනාධිපති උපදේශක ආශු මාරසිංහ පවසයි.

එසේ ම මේ වන විට ලෝකයේ හොඳ ම දූෂණ මර්දන පනත ලංකාවට හඳුන්වා දී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට කැබිනට් අමාත්‍යවරයෙක් අත්අඩංගුවේ පසුවන බව ප්‍රකාශ කළ ආශු මාරසිංහ ජනාධිපතිවරයා ඒ කිසිවකුට මැදිහත් වී නොමැති බව ද අවධාරණය කරයි.

ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කරන අතර වංචාව දූෂණය තුරන් කිරීම පිණිස වත්මන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග නිසා රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති ධූරයට පත්කිරීමට ජනතාව තීන්දු කරමින් ඇතැයි ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *