ජාතික ආණ්ඩුවක් පිළිබඳ එක්සත් ජාතික පක්ෂය සමග කිසිදු සාකච්ඡාවක් සිදු නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයේ ද රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයේ ද සිටින ජාතික ආණ්ඩුවක් ගොඩනැඟීමේ සූදානමක් ඇති බවට පැතිර යන පුවත් ප්‍රතික්ෂේප කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේ ය.
රනිල් වික්‍රමසිංහ සිය පෞද්ගලික මිතුරකු වුව ද ප්‍රතිපත්ති සහ දේශපාලන අදහස් එකිනෙකට නොගැළපෙන නිසා එක්ව ආණ්ඩු කළ නොහැකි බව ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.
අරලියගහ මන්දිරයේ දී මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවක දී අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (11) මේ බව හෙළි කර තිබේ.