ශ්‍රී ලංකාවේ ණය වගකීම් කළමනාකරණය කරගත හැකි මට්ටමක පවතින බවත්, ණය ආපසු ගෙවන අතරතුර විදේශ විනිමය සංචිත තව දුරටත් ගොඩනඟා ගැනීමට රට අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය අබේසිංහ ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ 2028 වසරෙන් පසු ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැකි බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ අනතුරු ඇඟවීම ප්‍රතික්ෂේප කරමිනි.
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් චතුරංග අබේසිංහ චෝදනා කළේ රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ණය වගකීම් පිළිබඳව නොමඟ යවන සුළු චිත්‍රයක් මවා පෙන්වන බවටය.
ශ්‍රී ලංකාව 2025 වසරේදී ඩොලර් බිලියන 3.9 ක පමණ ණය වගකීම් ගෙවා ඇති අතර, 2026 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක පමණ ප්‍රමාණයක් ගෙවීමට අපේක්ෂා කරන බවද නි. ඇමතිවරයා පවසයි. 2027 වන විට ණය ආපසු ගෙවීම් ඇමරිකානු ඩොලර් බිලියන 2.7 දක්වා අඩුවනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
මහ බැංකුව විසින් ආයෝජකයින් වෙත ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවට සිය විදේශ සංචිත තත්ත්වය ශක්තිමත් කරගන්නා අතරම ණය සේවාකරණය (ණය ගෙවීම) තවදුරටත් කරගෙන යා හැකි බවයි.
2026 අවසානය වන විට විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 8 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, සංචිත ගොඩනැගීම තවදුරටත් සිදු කරන අතර ණය ආපසු ගෙවීම් සිදුකිරීමේදී කිසිදු අපහසුතාවක් ඇති නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ සංඛ්‍යා ලේඛනවලින් ශ්‍රී ලංකාව නැවත බංකොලොත් වීමට කිසිදු හේතුවක් නොමැති බව තහවුරු වන බව අබේසිංහ අබේසිංහ අවධාණය කරයි.