රනිල්ට වඩා එජාප ජ්‍යේෂ්ඨයෙක් මම…. රනිල් මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතුයි…! – රවී…

February 1, 2025 at 11:05 am | by emanisa.lk

සජබ සහ එජාපය නැවත එකතු කිරීමේ සාකච්ඡා කිසිවෙකු කපා දැමීමේ අරමුණින් නොව සද්භාවයෙන් කළ යුතු බව හිටපු අමාත්‍ය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ දෙතුන් දෙනෙකුට අවශ්‍ය පරිදි එම එකතු වීම වැළැක්වීමට ඉඩ නොදියයුතු බව ද හෙතෙම අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට වඩා තමන් එජාප ජ්‍යේෂ්ඨයකු බවත් එතුමා මීට වඩා හිතාමතා කටයුතු කළ යුතු බවත් රවී කරුණානායක අවධාරණය කරයි.

තමා පාර්ලිමේන්තුවේ සිට සියලු පක්ෂ එකතු කර ගැනීමට කතා කළ ද රනිල් වික්‍රමසිංහ ළඟ සිටින දෙතුන් දෙනෙකු ඊට ඉඩ නොදෙන බවට ද ඔහු චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් රවී කරුණානායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස