රනිල්ට ලංකාව ලෝකයට ම ණය දෙන රටක් කරන්න පුළුවන්…! – වජිර..

April 23, 2023 at 1:23 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ජනපතිගේ වැඩපිළිවෙළ හරියට ක්‍රියාත්මක කළොත් ශ්‍රී ලංකාවට ලෝකයට ණය දෙන රටක් බවට පරිවර්තනය වීමට හැකියාව ලැබෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

රටක් ණය ගත් විට එ් ගත් ණය මුදල් හසුරුවන ක්‍රම සහ ඒ ණය ගෙවන ක්‍රමය නිසියාකරව හැසිරවිය යුතුව තිබෙන බව කී හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, එවිට රට ලෝකයේ බල සම්පන්න රටක් බවට පත්වීමට හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.

රටේ සංවර්ධනය සඳහාත් රට ලෝකය හමුවේ ඉදිරියට ගෙන යාම සඳහාත් ත්‍රස්තවාදය මර්දනය කළ යුතු බව ද ඒ සඳහා ත්‍රස්ත විරෝධී පනත ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත් බව ද වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

ඇතැම් දේශපාලන කණ්ඩායම් ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධව විවිධ ප්‍රකාශ නිකුත් කරන බව ද ත්‍රස්තවාදය පාලනය කිරීම සඳහා මෙවැනි පනත් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවලත් ක්‍රියාත්මක වෙන බව ද වජිර අබේවර්ධන මහතා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස