රනිල්ගේ වැල් පාළමේ ඉතිරි ටික යන්න අනුර ගේන්න ඕන ද…! – දිලිත් ජයවීර….

July 1, 2024 at 8:58 am | by emanisa.lk

ජාතික ජන බලවේග නායක අනුර දිසානායක සමග ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සංවාද කොට පලක් නොමැති බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

තමා ව්‍යාපාරිකයෙකු, පශ්චාත් උපාධිධාරියෙකු, ජාත්‍යන්තර ආයතන සමග ගනුදෙනු කරන පුද්ගලයෙකු ලෙස ලබා ඇති අත්දැකීම් අනුව බලන විට අනුර දිසානායක බාලාංශ මට්ටමේ ආර්ථික විග්‍රහයක් සිදුකරන බවයි, ඔහු සඳහන් කළේ.

අනුර දිසානායක ආර්ථික අර්බුදයට ලබා දෙන විසඳුම් ඉතාම බාල හොරු ඇල්ලීමේ කතාවකට අවප්‍රමාණ කොට ඇති බවත් කිසිදු අවස්ථාවක ඒ සඳහා පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් කොට නොමැති බවත් දිලිත් ජයවීර පෙන්වා දෙයි.

අනුර දිසානායක දෙරණ 360 වැඩසටහනට පැමිණ සඳහන් කළ පරිදි රනිල් වික්‍රමසිංහගේ වැල් පාළමේ ඉතිරි ටික යාම ආර්ථික අර්බුදයට විසඳුම නම් ඒ සඳහා රනිල් මිස අනුර පත්කරගන්නේ කුමකට දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කරයි.

සජබ සමග ආර්ථික කමිටු විවාදයට කැඳවිය යුත්තේ තමන්ට කියා ආර්ථිකයක් නැති අනුන්ගෙන් යැපෙන අනුර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති නොව ඔවුන් නඩත්තු කරන ජයශාන්ත සහෝදරයා ඇතුළු පිරිස බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *