මේ රටේ රාජ්‍ය බලය තමන් වෙත පවරන්නේ නම් රටේ සියලු ප්‍රශ්න විසි හතර පැයෙන් විසඳන බව අරගලයට නායක පූජ්‍ය කහඳවැලිපොළ ධම්මසුජාත හිමි පවසයි.
ගාලු මුවදොරට වැඩම කොට එහි රැඳී සිටිමින් අරගලයට ශක්තිය දුන් ධම්මසුජාත හිමි පවසන්නේ ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉවත්ව සියලු බලතල තමා වෙත පැවරිය යුතු බවයි.
රටේ ප්‍රශ්න විසඳීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුව ද ප්රශ්නය විසඳී නොමැති බවත් ධම්මසුජාත හිමි ප්‍රකාශ කරයි.
තමා කිසිවෙකුගේ ඉත්තෙකු නොවන බවත් හොඳ ම අරගලකරු බුදුන් වහන්සේ බවත් එහිමියෝ වැඩි දුරටත් පවසති.