රණවිරුවන් 28ක් ජාත්‍යන්තර අධිකරණයට යොමු කරන වාර්තාව අද ජිනීවා සමුළුවට…!

February 24, 2021 at 9:08 am | by emanisa.lk

හමුදා නිලධාරීන් 28 ක් ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකරන ලෙස ඉල්ලමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ අද (24) සිය වාර්තාව මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරයි.

මෙම වාර්තාව ප‍්‍රතික්‍ෂ්ප කර රජය පිටු 30 ක ලියවිල්ලක ඈ වෙත යවමින් එම වාර්තාව සාවද්‍ය තොරතුරු මත පදනම්ව ඇතැයි දක්වා පෙන්වා දී තිබේ.

මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ කරුණු දෙකක් පමණක් මානව හිමිකම්වලට සම්බන්ධ බවත් ඉතිරි සියලු කරුණු දේශපාලන කරුණු බවත් රජය එම ලියවිල්ලෙන් ඇයට චෝදනා එල්ල කර තිබේ.

වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වී ඇති අවස්ථාවේ රාජ්‍ය නොවන සංවිධාන 22ක් මානව හිමිකම් කවුන්සලයේ රටවල් 47ට හදිසි සංදේශයක් යවමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරන ලෙස ඉල්ලා ඇත.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මෙහෙයවන පාක්‍යසෝති සවරිමුත්තු සහ නිමල්කා ප‍්‍රනාන්දු එම ඉල්ලීමට සහය දක්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *