නිදහස් අධ්‍යාපනයේ ප්‍රමුඛ ප්‍රතිලාභීන් ලෙස සමාජ වරප්‍රසාද භුක්ති විඳිමින් සිට අසීරු අවස්ථාවල රට හැර යන්නේ බුද්ධිමතුන් නොව බුද්ධිය ඌනතා සහිත අය බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ගුරු ප්‍රතිභා ප්‍රභා මැයෙන් වූ ගුරු හා විදුහල්පති ප්‍රණාම උළෙල අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.
බුද්ධිමතුන්ගේ වගකීම වන්නේ අසීරු මොහොතක රට හැර යාම නොව මෙරට රැඳී සිටිමින් අභියෝගයන්ට සාර්ථක ව මුහුණ දීමේ නිපුණතා ප්‍රදර්ශනය කිරීම බව ද අමාත්‍යවරා කියා සිටියේය.
අමාත්‍යවරයා මෙහි දී තව දුරටත් සඳහන් කළේ, තිරසර සංවර්ධන ඉලක්ක 17න් සිව්වැන්න වූ ගුණාත්මක හා සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමේ අභියෝගය ජය ගැනීමේ තීරණාත්මක කාර්යභාරය පැවරී ඇත්තේ ගුරුභවතුන් වෙත බවයි.