ජනාධිපති අනුර දිසානායක කළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකතනය කරගෙන තමන් වැනි මන්ත්‍රීවරුන්ට පාපිසි යැයි නින්දා කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.
විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළද පාපිසි 159ක් පිළිබඳ කතා කරන බවත් තමන් එම ආමන්ත්‍රණය පිළිබඳ සතුටු වන බවද හෙතෙම අවධාරණය කරයි.
යම් ස්ථානයකට දෙපා පිරිසිදු කරගෙන ගොඩවැදීමට පැරණි විහාරස්ථානවල සඳකඩ පහන මෙන් පාපිසි උපකාරී වන බවද රට හදන ආණ්ඩුවේ පාපිස්සක් නොව පාපිසි කෙන්දක් වීමත් සතුටක් බවද රුවන් මාපලගම පෙන්වා දෙයි.
සියත නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.