රට සිහින පෙන්වා ලක්ෂ 30ක් වංචා කළ මනූෂගේ සොහොයුරා බන්ධනාගාරයට..!

December 30, 2024 at 11:34 am | by emanisa.lk

රුපියල් තිස් ලක්ෂයක මුදලක් වංචා කළ බවට සැක කරන හිටපු ඇමැති මනුෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර ඉරෝෂණ නානායක්කාර ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත්වරයා ඊයේ (29) නියෝග කළේය.

ෆින්ලන්තයේ රැකියාවක් ලබාදෙන බව කියමින් රුපියල් හතළිස් ලක්ෂයක මුදලක් ඉල්ලා ඉන් තිස් ලක්ෂයක මුදලක් ලබාගෙන වංචාවක් කළ බවට පුද්ගලයකු විසින් තිසර ඉරෝෂණ නානායක්කාරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගැනීමට ගාල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගිය ද ඔහු එහි සිට නැත.

පසුව දුරකථන දත්ත පරීක්ෂාවක් සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකරු බිබිල ප්‍රදේශයේ සිටින බව අනාවරණය කරගෙන පෙරේදා (28) බිබිල ප්‍රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *