විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය අද (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
ප්‍රවාහන සේවා කළමනාකරණ , විදුලිබල හා බලශක්ති ගරු අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් මෙය ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සහ මොබිටෙල් ආයතනය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කෙරේ.