මහනාහිමිවරුන් රට විනාශ කරන කණ්ඩායමට ආශීර්වාද කරන්නේ ද රට ගොඩනඟන පිරිසට ආශීර්වාද කරන්නේ ද යන්න තීණ්දු කළ යුතු බව අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.
ප්‍රවාහන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මිදි කෑමට උත්සාහ කළ පිරිස අද එම ප්‍රයත්නය අසාර්ථක වී මිදි තිත්තයි කියමින් ආණ්ඩුවට චෝදනා කරන බවයි.
මෛත්‍රීපාල සිරිසේනගේ ගැටයකට හසු වූවකුට පහසුවෙන් ඉන් ගැළවීමට ඉඩක් නොමැති බවත් හරිමග යනවා යැයි කියමින් නොමග ගිය පිරිස අද ආණ්ඩුව පෙරළීමට කටමැන දොඩවන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.
ආණ්ඩුව පරාජය කිරීමට ඔවුන්ට නොහැකි බවත් එසේ පරාජය කිරීමේ අරමුණ රට නැවත විනාශය කරා ගෙන යාම නිසා මහනාහිමිවරුන් ඒ පිළිබඳ ගැඹුරින් සිතා බැලිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.