නිරෝධායන ඇඳිරි නීතිය පනවා තවමත් දින 14ක් ගෙවී නොමැති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
මේ වන විටත් කොවිඩ් මරණ මෙන් ම කොවිඩ් ආසාදිතයින් පෙර ලෙස ම වාර්තා වන බවත් ඔහු සඳහන් කරයි.
කෙසේ වුව ද ලබන දෙවන සතිය පමණ වන විට ආසාදිතයින් සහ මරණ අඩු වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද උපුල් රෝහණ සඳහන් කරයි.
අත්‍යවශ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය සේවාවලට මුවාවෙන් ජනතාව සංචරණයෙහි යෙදෙන නිසා එම ප්‍රතිඵල අපේකෂිත මට්ටමින් ලැබීමට නොහැකි විය හැකි බවත් වගකීමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම අවධාරණය කරයි.