රට වැට්ටුවේ සුද්දෝ නෙමෙයි අපේ ම මිනිස්සු…! – රොෂාන් රණසිංහ….

June 16, 2024 at 2:53 pm | by emanisa.lk

අවුරුදු 45ක පාලනය නිසා දූෂිත චෞර වළල්ලක් බිහි වූ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

එම දූෂිත කල්ලිය ගෙදර යැවීමට එක්තරා දේශපාලන කල්ලියක් වපුරන වෛරයත් සමග රැල්ලක් ගොඩනැගී ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

මේ රට කඩා වැට්ටුවේ විදේශිකයන් නොව රටේ ම මිනිස්සු බව ද රොෂාන් රණසිංහ අවධාරණය කරයි.

හිටපු ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ, අද බලය ගැනීමට වෛරය වපුරන 88-89 කාලයේ ත්‍රස්තවාදය දියත් කළ කල්ලියත් එම කුමන්ත්‍රණයේ කොටස්කාරයින් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *