රට විනාශයට ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නියෝජිත සමුළුව අමතමිනි.
“අද තියෙන්න බලය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. ජනතාව දුකෙන් බේරාගැනීම තමයි ප්‍රශ්නය. ඇවිලෙන ගින්දරට පිදුරු දාන්න අපි ලෑස්ති නැහැ.
අපි ඉන්නේ ගිනි කන්දක් උඩ. රටට හෙනහුරා ලැබුවේ විධායක ජනාධිපති ධුරය නිසා. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුමයි. රට ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි. එවිට ලෝකයේ රටවල් සලකනවා.”
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නියෝජිත සමුළුව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ගම්පහ නයිවල සණස ශාලාවේ දී පැවැත්විණි.