රටට සෞභාග්‍යය උදා කරන බවට පොරොන්දු වෙමින් වත්මන් ආණ්ඩුව බලයට පත් වී වසරක් ගත වී ඇති බවත්, සෞභාග්‍යය කෙසේ වෙතත් මහා අභාග්‍යයක් රටට උදා වී ඇති බව හරීන් ප්‍රනාන්දු පවසයි.
මේ වනවිට රෝහල්වල අවම පහසුකම් පවා අහිමිව ජනතාව මරණයට පත්වන තත්වයක් උද්ගත වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවට පවා යළිත් වරක් කොවිඩ් වෛරසය රිංගා ඇති බවත් මේ වන විට මන්ත්‍රීරුන් කිහිප දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවත් පෙන්වා දෙන හරීන් ප්‍රනාන්දු පවසන්නේ රට රකින විරුවා බලයට පත්කර වසරක් ගතවන විට රට රකින විරුවාගෙන් රට බේරා ගැනීමට සිදුව ඇති බවය.
සෞභාග්‍යය තබා රටේ බහුරතයක් පවුල්වල දරුවන්ට සව් බාගයක්වත් දීගත නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව ද හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.
අද (06) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේ ය.