රට මහා ආර්ථික අර්බුදයක හිරවෙලා…! ආණ්ඩුව බොරු සංචිත පෙන්වා ජනතාව රවටනවා…! – ටිල්වින්…

May 7, 2023 at 3:51 pm | by emanisa.lk

ආණ්ඩුව ඉලක්කම්වලින් සංචිත රැස් වී තිබෙන බව පෙන්වීමට උත්සහ කරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

එහෙත් රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති වී තිබෙන බවයි, ඔහු සඳහන් කළේ.

සංචිත ශක්තිමත්ව ඇතැයි රජය බොරු කියමින් ආනයන සීමා කොට වෙළෙඳපොළ අකුළ ඇති බව ද ටිල්වින් සිල්වා පෙන්වා දෙයි.

මේ වන විට සංචිත වැය නොවන අතර ණය ගෙවීම ආරම්භ කළ පසු මෙම බොරුව අනාවරණය වන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙයින් අර්බුදය යළිත් මතුවෙන බවත් ආණ්ඩුව කිසිදු මුදලක් වැඩිපුර ඉපැයීමේ මාර්ගයක් සොයාගෙන නැති බවත් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස