රට බංකොලොත් වුණේ රාජපක්ෂලා නිසයි…! අරගලකරුවන් රාජපක්ෂලා පැන්නීම පිළිබඳ සතුටුයි…!

September 1, 2022 at 10:41 am | by emanisa.lk

ලංකාව බංකොලොත් වූයේ රාජපක්‍ෂවරුන් නිසා බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඉන්දියාවේ හින්දු පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.

වර්තමාන අර්බුදවලට හේතුව ද පැවැති රාජපක්‍ෂ ආණ්ඩු බවයි, ඇය සඳහන් කර ඇත්තේ.

අරගලකරුවන් විසින් රාජපක්‍ෂවරුන් පැන්නීම ගැන තමා බෙහෙවින් සතුටු වන බව ද හිටපු ජනපතිනිය හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිනිය වන මීරා සිරිනිවාසන් සමග ප්‍රකාශ කර ඇත.

ඉන්දීය රජය ද රාජපක්‍ෂ ආණ්ඩුවල ප්‍රතිපත්ති සමග එකඟවූයේ නැති බව පවසන හිටපු ජනපතිනිය පසුගිය කාලයේ ඉන්දියාව ලබාදුන් ආධාර ගැන ස්තුතිවන්ත වන බව ද සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *