රටේ ආර්ථික අර්බුදයක් ඇති වීමට යහපාලන ආණ්ඩුව විසින් බදු වැඩි කිරීම ප්‍රධාන හේතුවක් වූ බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල පවසයි.
රට මූල්‍ය බංකොලොත්භාවයට පත්වීමට හේතු සෙවීමට සහ නිර්දේශ ඉදිකිරීමත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
එහි දී තව දුරටත් අදහස් දැක්වූ එස්.ආර්. ආටිගල සඳහන් කළේ එම බදු ප්‍රතිපත්තිය නිසා මෙරට බහුතරයක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බැංකු ණය පවා ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවී පැවති බවයි.
එසේම එම හේතු සාධකය නිසා ඒ වන විට 7.8% ක් ව පැවැති ආර්ථික වර්ධන වේගය 2.2% දක්වා පහත වැටුණු බවත් ඔහු පැවසීය.
එම කොමිෂන් සභාව හමුවේ වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ එස්. ආර්. ආටිගල සඳහන් කළේ 2019 දී යළිත් බදු ප්‍රතිශතයන් පහත දැමීමෙන් අනතුරුව මෙරට ආර්ථික වර්ධන වේගය යළි 4.5% දක්වා වර්ධන විය හැකි බවට ලෝක බැංකුව පවා 2020 වර්ෂය මුලදී පුරෝකථනයක් කර තිබූ බවයි.