අධිවේගී මාර්ග ප්‍රවේශපත්‍ර කවුළු රාජකාරි සඳහා ලෝකයේ දියුණු රටවල මෙන් ආබාධිත පිරිස් යොදවන්නැයි ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවසමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.
හෙතෙම පාර්ලිමේන්තුවේ දී අද (29) මේ බව සඳහන් කළේය.
ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර හිතුමතේ පාරවල් හැදීම හේතුවෙන් ආර්ථික බංකොලොත්භාවයට පාර කැපුණු බව ද ඔහු කීවේය.
රටේ ගොඩක් පාරවල් හැදුණේ ජනතාවගේ ප්රමුඛත්වයට නොව ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ ඇමතිවරුන්ගේ ප්‍රමුඛතාවට බව පැවසූ මන්ත්‍රීවරයා කාලයක් පාරවල් හැදුණේ හම්බන්තොට පමණක් බවද ප්‍රකාශ කළේය.
මන්ත්‍රිවරයා මෙසේ පැවැසුවේ ප්‍රවාහන මහාමාර්ග නාගරික සංවර්ධන සහ නිවාස යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.