රට බංකොලොත් කිරීම හරිද කියලා ඉක්මනට කියනවා..! – සාගර…

July 9, 2023 at 12:55 pm | by emanisa.lk

රට බංකොලොත්භාවයට පත් කිරීමට ගත් තීරණය නිවැරදි ද එසේත් නැතිනම් හිතාමතා ගත් වැරදි තීරණයක්ද කියා සොයා බලා ඒ පිළිබඳව සත්‍ය තොරතුරු කඩිනමින් රටට හෙළි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

රටේ මූල්‍ය බංකොලොත්භාවය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා ලෙස තමාට ඇති වගකීම අකුරටම ඉටුකරන බවත් ඔහු සඳහන් කළේය.

අතීතයේදී රට තුළ වසර තිහක යුද්ධයක් පැවැති අවස්ථාවේදී සහ ජනතා විමුක්ති පෙරමුණ රට බංකොලොත් කිරීමට ගත් උත්සාහයේදී පවා ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස ප්‍රකාශයට පත් කර නොතිබුණු බව හෙතෙම කීවේය.

මෙම කමිටුවට අදාළ කරුණ සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබාදීමට කාල සීමාවක් ලබාදී නැති මුත් ඉතා ඉක්මනින් ඒ ගැන සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදීම තම අරමුණ බවද සාගර කාරියවසම් වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *