රට බංකොලොත් කළ පොහොට්ටුව තනිවම ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණය රටට ඉතාම සුබ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එම අපේක්ෂකයාට ජනතාව මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදීව සැලකිය යුතු බව ද හෙතෙම කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේ මොහොතේ තව දුරටත් රාජපක්ෂ පවුලට ගැතිකම් කරමින් සිටිනවා දැයි දෙවරක් සිතා බැලිය යුතු බව ද රණවක මහතා සඳහන් කළේය.
එක්සත් ජනරජ පෙරමුණේ පන්නිපිටිය ඇරැව්වල ජනහමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීය.