රට බංකොලොත් කළ පී.බී. දඬුකඳේ ගැසිය යුතුයි..!

June 1, 2022 at 6:14 am | by emanisa.lk

රට බංකොළොත් වෙලා යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) 2020 මාර්තු මස දැනුම්දීමෙන් පසුව ඒ සඳහා පියවර නොගත් හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර අනිවාර්යෙන් දඬුකදේ ගැසිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ජනාධිපතිවරයා තනිව ගත් තීන්දු කීපයක් නිසා මේ රටට වූ විනාශය සියලු දෙනා දන්නා බව කී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අයි.එම්.එෆ්. එකට ගොස් අවශ්‍ය වැඩපිළිවෙළ හදන ලෙස අයි.එම්.එෆ්. 2020 මාර්තු මස උපදෙස් දී ඇති බව ‘කෝප්’ කමිටුවේදී හෙළිවූ බව ද සඳහන් කළේය.

ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යංශයේ ලේකම්, මහ බැංකු අධිපති, මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ක්‍රියාකළ ආකාරය නිසා රට වැටුණු බවත් මෙවැනි තත්වයක් තුළ රාජ්‍ය අමාත්‍යවරු 40 ක් පත්කිරීමට සූදානම් වන බවත් දයාසිරි ජයසේකර කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (31) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස