රට ආර්ථික අර්බුදයකට ලක් වූයේ අවශ්‍ය අවස්ථාවේදී නිවැරදි උපදෙස් පාලකයන්ට ලබානොදීම හේතුවෙන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
“කොවිඩ්, ආර්ථික ක්‍රියාකාරීත්වය අඩුකළා. ඊට අමතරව මම කියනවා කළු කඩ නිසා සල්ලි නැතිව නෙමෙයි ආනයනයෙන් වැඩි වුණානේ. බිලියන 2 දක්වා ආනයනය ඉහළ ගියා. ඒවට මුදල් යෙදෙව්වේ අන්න ඒ වගේ වෙන මාර්ගයකින් ගිය මුදල් මඟින්. එතැනින් තමයි ඒ අර්බුදය ආවේ. වැඩක් වුණාට පස්සේ කොහොමද වුණේ කියන එක හැමෝටම සාකච්ඡා කර තෝරා ගන්න පුළුවන්.
නමුත් අවශ්‍යතාවය තියෙන්නේ එහෙම අඩුවේගෙන යනකොට ඒ යන අවධානම දැක්කාම. එය දැක දැක ක්‍රියාමාර්ග ගැනීමට නියමිත උපදෙස් ඒ අවස්ථාවේ සිටි නිලධාරීන් ලබාදුන්නාද නැද්ද යන එක තමයි මම දකින්නේ. දැනුම් නොදී මේක ප්‍රශ්නයක් නැහැ. කරගන්න පුළුවන් කිය කිය ඉඳලා අන්තිමට රට බංකොලොත් වුණාට පස්සේ මේවා මෙහෙමයි වුණේ අරක නිසා මෙහෙම වුණා. සමහර දේවල් නැතිවුණා කියලා මරණ පරීක්ෂණ පැවැත්වීම ඕනෑම කෙනෙක්ට ගන්න පුළුවන්.
ඒ වගේම ඔබතුමාලා සොයන්න ඕන ඇයි ඒ වෙලාවේ ලක්ෂ 69ක් ජනතාව පත්කරපු රජයේ ආයතනයට දැනුම් නොදුන්නේ. කවුද ඒකට වගකිව යුත්තේ ? මෙච්චර අනතුරු ඇඟවීමේ තියෙද්දි, ඒ අනතුරු ඇඟවීම් නොසලකා ඒක ප්‍රශ්නයක් නෑ සර්. මේක පුළුවන් මෙහෙම යන්න කිය කිය ඒ අය මුලා කරේ. මේ තියන ආර්ථික අර්බුදය ඇති වෙන්න හේතුව. වගකිව යුත්තේ කවුද? මොකද්ද වෙන්න ඕනේ කියන එක සොයා බැලීමේ හේතුව මම යෝජනා කරනවා.”