රට පුරා ආයෝජන කලාපවල එන්නත්කරණ කටයුතු ඇරඹෙයි…! යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් එන්නත්කරණයට වැඩබිම් වෙත…!

June 25, 2021 at 10:15 pm | by emanisa.lk

කොළඹින් පිට ආයෝජන කලාපවල සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම යුද හමුදාවේ වෛද්‍ය බළකායේ නිලධාරීන් විසින් අද (25) ආරම්භ කරනු ලැබූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අනුව මුලතිව් කිලිනොච්චිය ඇතුළු උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ට ද කොග්ගල හා සීතාවක ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ට ද එන්නත් ලබාදීම ඊයේ ඇරඹූ බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

කටුනායක ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ටද කොරෝනා මර්දන එන්නත් ලබාදීම ඉදිරියේදී අරඹන බව පැවසූ හමුදාපතිවරයා ආයෝජන කලාපවල කොවිඩ් අවදානම වැළැක්වීම මෙම එන්නත්කරණයේ අරමුණ බවද සඳහන් කළේය.

මේ එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකායේ කණ්ඩායම් කිහිපයක්ම ඉහත ප්‍රදේශවලට ඊයේ පිටත්ව ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස