රට පනින වෛද්‍යවරුන් අත්අඩංගුවට ගත යුතුයි..! – රුහුණු කුලපති නාහිමි…

August 16, 2023 at 3:45 pm | by emanisa.lk

පාසලේ පළමු වසරේ සිට වෛද්‍යවරයෙකු බිහි කිරීමට අපේ දුප්පත් රට මිලියන 30-40ක් වියදම් කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද හිමි පවසයි.

ඊට පසු තමන්ගේ සහ දරුවන්ගේ සුඛ විහරණය සඳහා එම වෛද්‍යවරුන් රට අතහැර යන බවට එහිමියන් චෝදනා කරති.

ජනතා මුදලින් බිහි කරන වෛද්‍යවරයෙකු වසර 10ක් අනිවාර්යෙන් රටට සේවය කළ යුතු බවට නීති සම්පාදනය කළ යුතු බවත් හොරෙන් රට අතහැර යන පිරිස් අත්අඩංගුවට ගත යුතු බවත් නන්ද හිමි සඳහන් කළේය.

රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි කොට උසස් අධ්‍යාපන වරම් ලබන සියලු දරුවන්ට උපාධි ලබා ගැනීමට අවස්ථාව සලසා දිය යුතු බවත් එහිමියන් අවධාරණය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *