රූපවාහිනියෙන් රට ණය කළ පිරිසට බැණ වදින බවත් ජනතාව ඒවා බලමින් සතුටු වන බවත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.
රට ණය කිරීමට ජනතාව ද වගකිව යුතු බවත් රට ණය කළ පිරිසට හෙණ වැදියන් යැයි කීව ද එම හෙනයේ කොටසක් ජනතාවට ඇති බවත් හිටපු ඇමැතිවරයා පෙන්වා දෙයි.
සමහර ණය ගැනීමෙන් රටට සිදුවූයේ පාඩුවක් බව යැයි ද දුමින්ද දිසානායක සඳහන් කළේය.
රට නඟා සිටුවීමට දේශපාලනඥයින් පමණක් නොව ජනතාවය ද කැපවිය යුතු බවත් ජනතාව ස්වාධීනව නැඟී සිටිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.