රට ගොඩනැගීමේ ශක්තිය අපට තියෙනවා… බලය දුන්නොත් කරලා පෙන්වන්නම්…! – මහින්ද රාජපක්ෂ…

June 14, 2026 at 10:23 am | by emanisa.lk

ජනතාව අද වන විට පසුවන්නේ එදාවේල පිරිමසාගත නොහැකි දැඩි ආර්ථික දුෂ්කරතාවක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

“බොහොම අමාරුවෙන් ජීවත් වෙන ජනතාවක් අද රටේ ඉන්නවා. මම හිතන්නේ නැහැ ජනතාවට එදාවේලා කන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා. අපට ශක්තියක් තියෙනවා. අපිට බලය දෙන්න, අපි කරලා පෙන්නන්නම්.”

උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ, රට යළි ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය තමන් සතු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *