රට කරවන තැන රූමත් සේවිකාවන්ටත් ලිංගික අතවර…!

August 3, 2023 at 6:52 am | by emanisa.lk

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට එල්ල වන ලිංගික හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් එම සේවිකාවන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා පැමිණිලි කර තිබේ.

ඇතැම් ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් කාලාන්තරයක් තිස්සේ විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවත් මෙවැනි දේවල්වලට අවනත නොවන්නේ නම් විවිධ පළිගැනීම්වලට ලක්කරන බවත් එම සේවිකාවෝ පවසති.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර පවසන්නේ එවැනි තත්ත්වයක් පවතී නම් තමා ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.

සමහර සේවිකාවන් තම රැකියා නැති වේ යැයි බියෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පවා බියවී සිටින බව වාර්තා වෙයි. සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයටද ලිඛිතව පැමිණිලි කිරීමට කටයුතු කරගෙන යන බව එම සේවිකාවෝ සඳහන් කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *