තමාට ගෑස් සිලින්ඩරයකින්ප පහර දුන් බවට ජවිපෙ සහ විපක්ෂ කණ්ඩායම් ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි.
“ජනතා විමුක්ති පෙරමුණ සහ විපක්ෂයේ කණ්ඩායම්, මට ගෑස් සිලින්ඩරයකින් ගැහුවා කියන එක ප්‍රචාරය කරනවා. ඒක අමූලික බොරුවක්.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව මා කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා තියෙනවා. ඒ වගේම ජනතාව වෙනුවෙන් අපි එදා වගේම කැපවෙලා කටයුතු කරනවා.
දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ජනතාව කුපිත කිරීම තමයි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් මෙවැනි අභියෝගාත්මක අවස්ථාවල සිදු කරන්නේ.
පීඩාවට පත්වෙලා ඉන්නේ ජනතාව, ඒ පිළිබඳ අපි වගකීම රජයක් ලෙස භාරගත යුතුයි.”