රටේ සම්පත් විකිණීමට එදා එරෙහි වූ ජවිපෙ අද නිහඬව ඉන්නවා…! – උවිඳු විජේවීර..

February 12, 2024 at 11:07 am | by emanisa.lk

ඕනම දේශපාලන ව්‍යාපාරයක් ජාත්‍යන්තරයත් සමඟ එක්ව ගැට ගැසී ඉදිරියට යා යුතු නමුත් තමනට ඇති උපාය මාර්ගගික ගමන තේරුම් ගත යුතු බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා උවිඳු විජේවීර මහතා මෙම අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් පසුගියදා ඉන්දියා සංචාරය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ අවස්ථාවේය.

“ඓතිහාසික වශයෙන් ජීවිත පූජා කර පැමිණි උපාය මාර්ගික ගමනට පයින් ගසා යාමට කිසිවෙකුට හැකියාවක් නැහැ. අද වන විට ඉන්දියාව විශාල වශයෙන් ශ්‍රී ලංකාවට මැදිහත් වෙමින් සිටිනවා.

මෙරට සම්පත් මිලදී ගැනීම සඳහා ඔවුන් කඩිනමින් කටයුතු කරමින් සිටිනවා. ඉතිහාසයේ එවන් මැදිහත්වීම්වලට දැඩි විරෝධ පෑ පක්ෂය අද ඉතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනවා.”

ඕනෑම පක්ෂයකට ඉතිහාසයේ විවිධ නම් තිබුණ ද අද එම පක්‍ෂය තේරුම් ගත යුත්තේ වර්තමාන භාවිතය තුළින් බව ද හෙතෙම තව දුරටත් කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *