රටේ සංස්කෘතියට නොගැලපෙන කිසිම පනතක් ගේන්න ඉඩ තියන්නේ නෑ…! – නාමල්…

September 2, 2024 at 1:25 pm | by emanisa.lk

රණවිරුවන් ජීවිත පූජා කොට දිනාගත් නිදහස මැතිවරණයකින් ජයග්‍රහණය කිරීම සඳහා පාවා නොදිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

දහස් ගණනක් රණ විරුවන් ජීවිත පූජා කොට එක්සේසත් කළ මාතෘභූමිය යම් යම් න්‍යාය පත්‍රවලට හසුව බෙදීමට ඉඩ නොතබන බව ද හෙතෙම කීය.

එහෙයින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති පොලිස් සහ ඉඩම් බලතල කිසිසේත් පළාත් සභාවලට ලබා නොදෙන බව ද නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.

එපමණක් නොව ජාත්‍යන්තර සංවිධාන සහ තානාපති කාර්යාලවල උවමනාවට මේ රට නොගැලපෙන පනත් සම්මත කිරීමට හැකියාවක් නොමැති බවයි, ඔහු සඳහන් කළේ.

බෞද්ධ සංස්කෘතිය අනුව ගොඩනැඟුණේ මේ රටේ බෞද්ධ හින්දු ඉස්ලාම් සංස්කෘතීන් ආරක්ෂා කරන අතර ඒ කිසිදු සංස්කෘතියකට හානිකර පනතක් ගෙන ඒමට තමන් ඉඩ නොතබන බව ද නාමල් රාජපක්ෂ කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනරැලියක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *