රටේ වී ගබඩා පද්ධතිය විනාශ කළ අය හාල් නෑ කියලා අපට බනිනවා…! – සුදත් බලගල්ල….

January 15, 2025 at 3:02 pm | by emanisa.lk

රටේ සහල් ගබඩා ඇතුළු සම්පත් විනාශ කළ විපක්ෂ කණ්ඩායම් මාස දෙකක් වයසැති ආණ්ඩුව හාල් නොදෙන්නේ යැයි චෝදනා කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, සහල් ප්‍රශ්නය ඇති වන්නට මූලික හේතුව සහල් ගබඩා පද්ධතියම විනාශ වන්නට ඉඩ හැරීම බවයි.

එම කණ්ඩායම් දායාද කළ ප්‍රශ්න 2025 වසරේ දී අවසන් කරන බව ද සුදත් බලගල්ල අවධාරණය කරයි.

මහියංගනය ප්‍රෙද්ශයේ වී ගබඩා පරික්ෂා කිරීම සඳහා ඊයේ (14) එක්වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *