රටේ විදෙස් ණය වේගයෙන් ඉහළට… 2023 ඩොලර් බිලියන 5.6ක් අරන්…!

April 28, 2024 at 10:10 am | by emanisa.lk

රජයේ විදේශීය ණය ප්‍රමාණය ඉකුත් 2023 වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 38.4 දක්වා වැඩි වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

රජය විසින් 2022 වර්ෂය අවසන් වන විට පියවා නොමැතිව ඇති විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 27.5කි. එකී මුදලට සපේක්ෂව 2023 වසර අවසන් වන විට නොපියවා ඇති විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 33.1ක් බව මහ බැංකුව වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කරයි.

රජය විසින් නිකුත් කරනු ලැබූ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරවල වෙළෙඳපොළ වටිනාකම් ඉහළ යෑම, පියවා නොමැතිව ඉතිරිව ඇති ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරවල උපචිත කූපනවල ගෙවීම්වල වැඩිවීම, රජය විසින් පියවා නොමැතිව ඉතිරිව ඇති විදේශීය ණය ප්‍රමාණය වැඩිවීම, විදේශීය ණයවල උපචිත පොලිය වැඩිවීම මේ සඳහා හේතුවී ඇති බව එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *