රටේ නීතිය පිළිගන්න බෑ කියූ අසාද් සාලිට වැඩ වරදි…! වහා ම අත්අඩංගුවට ගනී…..!

March 16, 2021 at 7:05 pm | by emanisa.lk

ජාතික සමගි පෙරමුණේ නායක හා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කොළඹ අපරාධ කෝට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ය.

අසාද් සාලි පසුගියදා මෙරට නීතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් පැමිණිලි ඉදිරිපත්කර තිබුණි.

අසාද් සාලි මහතා පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් හරහා දණ්ඩ නීති සංග්‍රහය, සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව මෙන්ම 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ යැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *