රටේ ආදායම රාජ්‍ය සේවක පඩි ගෙව්වම ඉවරයි..! හැම ආණ්ඩුවක් ම දිව්වේ ණය අරන්….! – බන්දුල…

August 23, 2023 at 6:09 pm | by emanisa.lk

කවර ආණ්ඩු තිබුණත් එදිනෙදා වියදම් පවා පියවා ගන්න ප්‍රමාණවත් ආදායමක් ලංකා ආණ්ඩුවට තිබුණේ නැතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ අද (23) පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයකට එක්වෙමිනි.

”කාගේ ආණ්ඩු තිබුණත් එදිනෙදා වියදම් පවා පියවා ගන්න ප්‍රමාණවත් ආදායමක් ලංකා ආණ්ඩුවට තිබුණේ නැහැ. මුළු ආදායම ප්‍රමාණවත් වී තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විශ්‍රාම වැටුප්,සමෘද්ධි ආධාර මෙන්ම රාජ්‍ය ණය පොලී ගෙවන්න.

ණය ගෙවුවේ නැතොත් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය සම්බන්ධ ආයතන විසින් රට පහත හෙළනවා. කිසිම දෙයක් ගෙවන්න බැරි රටක් නම් කරනවා. එතකොට මහ රජ්ජුරුවෝ ලංකාවේ ජනාධිපති වුණත් ජාත්‍යන්තරය ණයවර ලිපි පිළිගන්නේ නැහැ.

ඔය හිතවත්කමට වාහන රෝද කැරකෙන්නේ නැහැ. ඇඟේ තෙලට වාහන දුවන්නෙත් නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *