රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ඉංගිරිසියෙන් ලබා දිය යුතුයි…! – ප්‍රේමනාත් සී. දොලවත්ත…

December 1, 2022 at 9:18 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංගිරිසියට හැරවිය යුතු යැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත සදහන් කරයි.

යුරෝපය ඇමරිකාව වැනි රටවලට දරුවන්ට යා හැක්කේ ඉංග්‍රීසි දැනුම ලබා දුනහොත් පමණක් බවත්, එමගින් කතා කරන භාෂාව ජාතිය, ආගමට ඇති ආදරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නොවන බවත් හෙතෙම පවසයි.

ලෝකය සමග ඉස්සරහට යාමට හැකියාව ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමෙන් පමණක් බව ද ප්‍රේමනාත් සී. දොලවත්ත අවධාරණය කරයි.

අද (01) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *