රටේ අගමැති වුණත් මම ගෙදරදී පූසන්ගේ සේවකයෙක්….! – අගමැතිනිය…

July 19, 2026 at 3:23 pm | by emanisa.lk

වීදීවල ජීවත්වන සුරතල් සතුන්ට ආදරය, කරුණාව දක්වන්නැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉල්ලීමක් කරයි.

“සුරතල් පූසන් ඉන්න අය දන්නවා, අපි පූසන්ගේ අයිතිකාරයෝ නම් නෙවෙයි. අපි ඔවුන්ගේ සේවකයෝ.

මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම ඔවුන්ගේ සේවකයෙක් හැටියට තමයි මම නම් ඉන්නේ.
අපේ ගෙවල්වල සතුන් ගැන විතරක් නෙවෙයි වීදි සතුන් ගැනත් අපි විශේෂ අවධානයක් යොමුකරන්න ඕනි. ඒක අපි සියලු දෙනාගේ වගකීමක්.”

අග්‍රාමාත්‍යවරිය මේබව සඳහන් කළේ, පසුගියදා (17) පැවති පශු වෛද්‍ය සංගමය මගින් සංවිධානය කළ වැඩසටහනට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *