සැප්තැම්බර් 05 වැනිදා සිට රජය විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් මාලාව ජනතාව මුළා කරන පච රැස්වීම් මාලාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
වත්මන් රජය බලයට පත්වූයේද අසත්‍ය ප්‍රචාර පතුරුවමින් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එම ක්‍රියාවලිය හේතුවෙන් අද වන විට රට දැවැන්ත විනාශයක් කරා ගමන් කරමින් පවතින බවද පෙන්වා දෙයි.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වෙන් කළ මුදල්වලින් සියයට 70ක් පමණ තවමත් වියදම් කර නොමැති බවද රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පවතින දුර්වලතා ඊට හේතු වී ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.
මෙරට ජනතාව මෙවැනි දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටියදී රජය නේපාලයේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීම හාස්‍යයට කරුණක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.