ජයග්‍රහණය නොකර කණ්ඩායමකට ඡන්දය දී ඡන්දය රටට හතුරු තැනක නතර නොකරන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
“ඡන්දය අපතේ හෝ අයාලේ යවන්න එපා. දිනන්නේ නැති මිනිස්සුන්ට ඡන්දේ දීලා රටට හතුරු තැනක ජන්දේ නතර කරන්න එපා කියලා ඉල්ලනවා. නාමල් රාජපක්ෂ මේ ඡන්දය ජයග්‍රහණය කරන්නේ නෑ. ඔහු හතරවෙනියා වේවි. ඒ නිසා පොහොට්ටුවේ අයගෙන් ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඡන්දය ලබා දෙන්න කියලයි. රනිල් වික්‍රමසිංහගේ අධිෂ්ඨානය වෙලා තිබෙන්නේ සජිත් පැරදවීම පමණයි. ඒක පුද්ගලයෙකුගේ වෛරය වෙනුවෙන් දෙන ඡන්දයක්.
මාලිමාවේ තිබෙන්නේ දෙබිඩි ජීවිතයක්. ඒ ඔලුබක්කා ඇතුලේ ඉන්නේ ජවිපෙ. ජවිපෙ පැරණි ප්‍රතිපත්ති ප්‍රකාශනයන් පවා ඉවත් කරලා. යාපනයේ ගිහින් අනුර කුමාර අපිට දොස් කිව්වා. උතුරේ සම්ප්‍රේෂණ පද්ධති හදලා උතුරට විදුලිය දුන්නේ අපි. රෝහණ විජේවීර යාපනයේ ගියාම ඒ කාලයේ ගල් ගැහුවා. නමුත් අද අනුරට යාපනයේ ගල් ගහන්නේ නෑ. ඒකට හේතුව වෙන්නේ LTTEට ඕන නැවත දුර්වල බලයක් මේ රටට ඇති කරන්නයි. මාලිමා ඔලුබක්කාගෙන් වහපු ජවිපෙ ඔලුබක්කා ගලවන්න ජනතාව 21 සූදානම්.
විදුලි මාෆියාව ඇති කලේ ජවිපෙ රංජන් ජයලාල්. ජවිපෙ වෘත්තීය සමිති තමයි මේ රටේ විදුලි බලාගාර හදන්න ඉඩ නොදුන්නේ. මම හදුන්නෙත්තිට අභියෝග කරලා සති 3 ක් වෙනවා. LRT ව්‍යාපෘතියේ දූෂණයක් වුණා කියලා ඔප්පු කරන්න කියනවා. මේ බලයට එන්න යන්නේ ලෞකිකවාදී පිරිසක්. දහම් පාසලක් කරන්න ලැබෙන්නේ නෑ.
පුළුවන් නම් අනුර කුමාරට අභියෝග කරනවා කැමරාව එක්ක ජයශ්‍රී මහා බෝධිය වඳින්න යන්න කියලා. මේ එන්න යන්නේ රතු ආණ්ඩුව යටතේ ආගමික නිදහස නැති වෙන රටක්. ජවිපෙ බලයට එනවා කියන පිල්ලිය නිසා මේ රටේ තිබුණු ආයෝජන පලා යමින් තිබෙනවා. මාලිමාව ජයග්‍රහණය කළොත් මේ රටේ නැවත ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ නැති වේවි.”
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ අද (15) රාජගිරියේ ඔබේසේකරපුර පැවති සමගි ජනබලවේග ජන හමුවක් අමතමිනි.