රටට මෙච්චර ජනතා නියෝජිතයෝ ඕන නෑ…! රැස්වීම් තියන්න හෝල්වල ඉඩත් මදියි..! – සජබ..

November 26, 2022 at 3:18 pm | by emanisa.lk

මහජන නියෝජිතයන් රටට මෙපමණ අවශ්‍ය දැයි සාකච්ඡාවක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තුු මන්ත්‍රී ජේ.සී. අලවතුවල පවසයි.

පළාත් පාලන ආයතන සභිකයින් සංඛ්‍යාව වැඩි වීම නිසා ඒවාහි රැස්වීම් ශාලාවල ඉඩකඩ මදිවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන පළාත් සභා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට අද (26) පාර්ලිමේන්තුවේ දී එක් වෙමිනි.

සමහර පළාත් පාලන ආයතන ජනතාවට එරෙහිව වැඩ කරන බව පැවසූ මන්ත්‍රීවරයා, පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින්ම පැවැත්වීම රජයේ වගකීම බවද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *