රටටම වැස්සත් බලාගාරවලට තවම වැසි නෑ…! විදුලි බිල නැංවිය යුතුයි..! – කාංචන…

October 4, 2023 at 2:42 pm | by emanisa.lk

රටේ විවිධ ප්‍රදේශවලට වැසි ලැබුණ ද ජල විදුලි බලාගාර පෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබී නැතැයි විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ සහ සමනලවැව ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි ලැබී නොමැති බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

අද (04) උදෑසන වන විටත් සමනල වැව ජලාශයෙන් විදුලිය නිෂ්පාදන කළ හැකි ප්‍රමාණයෙන් 23%ක පමණක් ජලය ඇති බව ඇමැති විජේසේකර පවසයි. කෙසේ වුව ද මාඋස්සාකැලේ ජලාශය 70%ක් පිරී ඇතැයි ද හෙතෙම කීය.

විදුලි බල මණ්ඩලය, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන දත්ත අනුව විදුලි බිල ඉහළ නංවන ප්‍රමාණය මහජන උපයෝගීතා කොමිසම මගින් තීන්දු කළ යුතු බවයි, ඇමැති කාංචන විජේසේකර සඳහන් කළේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (04) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *